සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී 2023.09.17 හා 18 යන දෙදින තුළ පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා හා ආයුර්වේද කොමසාරිස් සහභාගී විය.

සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදුණු පර්යේෂණ වාර්තා එළි දැක්වීමද මෙහිදී සිදු කර ඇත.

මෙම සමුළුව තුළදී ශ්‍රී ලාංකික සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ වු ප්‍රතිකාර හා ප්‍රතිකාර රටාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති අතර එහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම උදෙසා සිදු කරන වැඩපිළිවෙළඳ ඇගයීමට ලක්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top