December 2023

“හෙළ වෙද රුවනාර ” වැඩසටහන

දිවයින පුරා විසිරී සිටින ලියාපදිංචිය නොලත් පාරම්පරික වෛද්‍යරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිරිනැමීමේ ජංගම වැඩසටහනක් “හෙළ වෙද රුවනාර”  නමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.  ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් ලබා දෙනු ලබන සේවාවන් දිස්ත්‍රික්ක මට්ටමින් සැපයීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

“හෙළ වෙද රුවනාර ” වැඩසටහන Read More »

සුවධරණී – සුරු දරවෝ වැඩසටහන

පාසල් දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා “සුවධරණී සුරු දරුවෝ ”මානසික සතිමත් භාවය ගොඩනැගීමේ වැඩසටහනදේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ උපදෙස් පරිදි පාසල් සඳහා හඳුන්වා දෙන ලද අතර එහි සමාරම්භය 2023.08.15 දින කොළඹ නාලන්දා විද්‍යාලයේදී සිදු කරන ලදී. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමුවීම වළක්වාලීම මත මනා විනයක් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කිරීම උදෙසා මානසික සුවතාවය ගොඩනැගීමට ඉවහල් වන මනෝ චිකිත්සක ක්‍රමවේද, ක්‍රියාකාරකම් සහ අභ්‍යාස වලින් සමන්විත මෙම වැඩසටහන දේශීය වෛද්‍ය අංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ සම්බන්ධීකරණයෙන් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන්  සිදු කෙරේ.

සුවධරණී – සුරු දරවෝ වැඩසටහන Read More »

සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ ගාන්ධිනගර්හිදී 2023.09.17 හා 18 යන දෙදින තුළ පවත්වන ලද අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා හා ආයුර්වේද කොමසාරිස් සහභාගී විය. සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ප්‍රචාරණය, රටවල් අතර අන්තර් සබඳතා ගොඩනැගීම තුළින් දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම නවීන ලෝකය හා බැදුණු පර්යේෂණ වාර්තා එළි දැක්වීමද මෙහිදී සිදු කර ඇත. මෙම සමුළුව තුළදී ශ්‍රී ලාංකික සම්ප්‍රදායික දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂ වු ප්‍රතිකාර හා ප්‍රතිකාර රටාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති අතර එහිදී දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම උදෙසා සිදු කරන වැඩපිළිවෙළඳ ඇගයීමට ලක්ව ඇත.

සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පිළිබඳ පළමු ගෝලීය හමුව Read More »

Ayurveda Expo Colombo 2022

ගරු දේශීය වෛද්‍ය රාජ්‍යඅමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද  “Ayurveda Expo Colombo 2023” දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය 2023 සැප්තැම්බර් 08,09,10BMICH හිදීඅතිසාර්ථක අන්දමින් පවත්වන ලදී.  මෙහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීනතම පර්යේෂණ එළි දැක්වීම, නව නිපයුම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ  විශේෂඥතාවයක්  ලබාගැනීමට හැකිවීම, දැනුම සහ කුසලතා බෙදාහැරිම සඳහා ගෝලීය වේදිකාවක් සැපයීම වැකි අරමුණු මේ තුළින් සාක්ෂාත් කර ගන්නා ලදී.  දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කැපවූ ලොව පුරා සිටින පාර්ශවකරුවන් ප්‍රවීණයන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්වුණු අතර, දේශීය වෛද්‍ය ක්‍රමවල පවතින විභවතාවයන් හඳුනාගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම හා පර්යේෂණයන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමද මේ තුළින් සිදු විය.

Ayurveda Expo Colombo 2022 Read More »

Scroll to Top